-->

Sunday, April 28, 2019

19 ලියන එකෙක්ද? 😁

19 ලියන එකෙක්ද?
පොතක් ගත්තට පාඩම් කරන්න බෑ බෑ වගේ නේද?
ටීවි එකෙ නිව්ස් බල බලයි ෆෙස්බුක් එකෙන් තොරතුරු හොය හොයයි නේද ඉන්නෙ?
අරහෙ බෝම්බ පුපුරලලු..මෙහෙ බෝම්බ අහුවෙනවලු..පාඩම් කරන්ඩ තියා හුස්ම ගන්ඩවත් පුලුවන් මානසිකත්වයක්ද තියෙන්නෙ නේද?

ඇත්ත.අද මේ රටේ කිසිම එකෙක්ට පාඩම් කරන්නවත් තමන්ගෙ වෙන වැඩක් කරන්නවත් පුලුවන් මානසිකත්වයක් නෑ.හැබැයි අපි පොඩ්ඩක් හිතල බලමුකො මේ ගැන.

දැන් විභාගෙට තව මාස තුනයි තියෙන්නෙ.මේ වෙනකොට 3As මට්ටමේ උන් ඉන්නවා ඇති.තුනම ෆේල් වෙන මට්ටමෙ උනුත් ඇති.උන් දෙගොල්ලොම තමන් ගැන දන්නවා.මේ කියන්ඩ යන දේ වැදගත් වෙන්නෙ ඔය දෙක මැද්දෙ මේ වෙනකොට ඉන්න උන්ට.බිකෝස් රටට මොනා උනත් අරුන් දෙගොල්ලම උන්ගෙ ඔය රිසල්ට් එක ගන්නවා.ඒ නිසා ආයෙත් කියනවා මේකෙන් බලපෑමක් වෙන්නෙ ඔය දෙක මැද්දෙ ඉන්න උන්ට.

මේ තත්වෙත් එක්ක ඒලෙවල් මොනා වෙයිද කියන්න අපි දන්නෑ.සාමන්‍යෙන් හිතෙන්නෙ නම් අනිවා කැන්සල් වෙන එකක් නෑ.මේක උපරිම තව මාසයක් ඇදෙයි.(අපි දන්නෑ.වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්.) එතකොට ජූනි.අමතක වෙලා රට සාමාන්‍ය තත්වෙට එන්න තව මාසයක් විතර යයි.එතකොට ජූලි.දැන් ඔයා අගෝස්තු තියන විභාගෙකට පාඩම් කරන්න පටන් ගන්නෙ කවදද?මැයි 1ද.ජූනි 1ද.ජූලි 1ද.තේරෙනවනෙ වෙන්නෙ මොකද්ද කියල.රට සාමන්‍ය වෙනකන් ඉඳල පාඩම් කරන්න ගන්න බෑ.අගෝස්තු වෙනකොට රට සාමාන්‍ය වෙලා විභාගෙ තියන කොට ඔයා මේ අසාමාන්‍ය පරිසරය ඇතුලෙ ඒකට කොහොම හරි රෙඩි වෙලා තියෙන්න ඕන.නැත්නම් විභාගෙ දවසට ඔයා තනි වෙනවා.

ඔයා ගොඩක්ම තනි වෙන්නෙ විභාගෙ දවසට නෙමෙ රිසල්ට්ස් එන දවසට.එදාට ඔයාගෙ පවුලෙ කාටවත් මතක නෑ ඔයා විභාගෙට පාඩම් කරේ මොන වටපිටාවකද කියන එක.ඒක තමයි මිනිස්සුන්ගෙ හැටි.ඔයා ඒක මතක් කරල දුන්නත් එයාල ඔයාගෙන් අනෙක් අතට අහනවා "ඇයි අනෙක් එවුන් පාඩම් කරේ ඇමරිකාවෙ ඉදන්ද?උබ විතරද මෙහෙ හිටියෙ " කියල.

සරලවම ඔයා අසරණ වෙනවා.ඒ වගේම විභාගෙ දවසෙ ඔයා ගොඩක් දුක් වෙනවා ඇයි කලින් කරේ නැත්තෙ මේවා කියල.ලොකු ටෙන්ශන් එකකින් ඔයාට ලියන්න වෙන්නෙත්.

තව දවස් වලින් අනූවක් තියනවා කියන්නකො.එතකොට ගොඩයි වගේනෙ.හැබැයි මම කිව්වොත් සති 12යි කියල.මොකද හිතෙන්නෙ.ඔයාට සතියකට කොයිතරං වැඩ කරහැකිද?

ඒක දන්නෙ තමන් විතරයි.ඉතින් තමන්ගෙ හැකියාව අනුව ඔය සති දොලහ කලමනාකරනය කරගන්න.අඩුම පලවෙනි සති හතර ඉවර වෙනකොට හැම විශයකම තියරි ඉවර කරගන්න.ඊලග සති හතරෙ 2000ඉදන් පාස් පේපර්ස් ටයිමින් තියල කරන්න.(බයෝ නැතුව)අන්තිම සති හතරෙ ආයෙ තියරි සහ පේපස් උඩින් පල්ලෙන් මතක් කරගන්න ගමන් අලුත් ප්‍රශ්න,මොඩල් පේපස් කරන්න.

ඔය මම දන්න...මට තේරෙන විදිහට කිව්වෙ..තමන් ඉන්න තැන අනුව ඕක වෙනස් වෙනවා.ඉතින් මගෙන් අහයි කොහොමද සති හතරකින් තියරි ඉවර කරන්නෙ කියල.ඔව්.ඒක අමාරුයි.පට්ට අමාරුයි.දවසට පැය 15-20ක් වත් මැරෙන්ඩ වෙනවා ඕකට.හැබැයි එහෙම නැතුව සාර්ථක වෙන්න බෑ.දැන් තේරෙනව නේද කොයිතරං වටිනවද කියල මේ කාලය.ඔයා මෙච්චර වෙලා මේකෙ රවුං ගගහා විනාස කරපු කාලය.ඉතිං මේක මං දැන් කිව්වෙ තාම වෙනස් වෙන්න කාලය ඇති නිසා.තව සතියකින් ඒ කාලය මදි වෙනවා.ඔයා ඉන්නෙ අන්තිම කට්ටෙ මේ.මෙතනදි ඔයා මෝඩ උනොත් ආයෙ එක තත්පරයක්වත් අපතෙ යැව්වොත් ආයෙ වෙනස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

හොඳට මතක තියාගන්න මේ වටේ ලෝකෙ සිද්ද වෙන දේවල් ගැන ඇත්තටම ඔයා වද විය යුතු නැහැ.ඔයාගෙ මනස බලන්නෙ පාඩම් නොකර ඉන්න එක හොඳ හේතුවක්.ඒ කියන්නෙ ඔයාම ඔයාට තොන්ඩුව දාගන්න එක හොඳ හේතුවක්.ඒකට අහුවෙන්න එපා.මේක චැලේන්ජ් එකක් ගේම් එකක් කියල හිතල වැඩ කරන්න.පාඩම් කරන එකෙන් මනසට පිට යන්ඩ දෙන්න එපා.ඔයාගෙ ජීවිතේ ගත වුනේ ටික කාලයයි.ගත කරන්න තියන ඉතුරු කාලය කොහොමද ගත කරන්නෙ කියන එක රඳා පවතින්නෙ මේ මාස තුනේ ඔයා කරන වැඩ ප්‍රමාණය මත.විභාගෙට ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව යන්න පුලුවන් වෙන්නෙ හරි බස් එකේදිත් පොත් බල බල යන්ඩ වෙන්නෙ හරි ඔයාගෙ කැපවීම මත.මේක හොඳට මතක තියාගන්න.රිසල්ට්ස් එන දවසට රිසල්ට්ස් හොඳ උනොත් ඔයා නොදන්න නෑයොත් ඔයාට හම්බවෙයි.හැබැයි රිසල්ට්ස් හොඳ නැත්නම් අම්ම තාත්තවත් නැතුව අවජාතක වෙන්න වෙයි.ඒ වගේම තමයි ජීවිතේ ඔයාට කරන්න හම්බවෙන ලේසිමදේ තමයි පාඩම් කරන එක.මේ දේවල් හැමතිස්සෙම ඔලුවෙ තියාගන්න.ඔයාට පෝන් එක අතට ගන්න හිතෙන හැම වෙලේම මතක් කරගන්න.
කියන්න තියෙන ටිකනම් කියලා ඉවරයි. මේ වෙලේ ඔන්ලයින් ඉන්න හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න Share පාරක් දාගෙන යන්න. ස්තූතියි 🙏

- Team Maths අපි -

උසස් පෙළ නෝට්ස්, කෙටි සටහන්, පාස්ට් පේපර්ස්, මාකින් ස්කීම් තවත් ගොඩක් දේවල් නොමිලේ Download කරගන්න පිවිසෙන්න
අපගේ වෙබ්අඩවියට : www.MathsApi.com

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com