ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බෙල් ටෙලිෆෝන් එක හොයාගත්තා
ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බෙල් ටෙලිෆෝන් එක හොයාගත්තට පස්සෙ මිනිස්සුන්ට ඕනෙ වුනා යුධ / නාවික කටයුතු වලදි මේකෙ වයර් එක නැතුව පාවිච්චි කරන්න, වයර් පටලවගෙන යුද්ධ කරන්න බැරි නිසා. Mobile phone එක ( ජංගම දුරකථනය ) හොයාගත්තෙ මාටින් කූපර්. මේක ලෝකෙ සාමාන්ය භාවිතයට ආවෙ 1980 දි විතර.
Mobile communication වලදි වෙන්නෙ එක තැනක ඉඳන් තව තැනකට වයර් එකක් ඇදගෙන යනව වෙනුවට යම් පරාසයක් තුල විද්යුත් චුම්භක සඥා යවන්න සහ අල්ලගන්න පුලුවන් transmitter සහ receiver භාවිතය. මේව තියෙන්නෙ අපේ service provider ( සේවා සැපයුම්කරු ) ගෙ tower වල සහ අපි ගන්න mobile phone එක ඇතුලෙ. මේ කියන tower හදල තියෙන්නෙ රටක හෝ අදාල ප්රදේශයක මුලු area එකම cover වෙන්න. භූ විශමතා නිසා සමහර ප්රදේශ මේ tower වල පරාසයෙන් පිට පනිනව. එතකොට අපි කියනව එහෙට signal නෑ කියල.
මුලදිම මෙහෙම network හැදුවෙ රට රටවල් තම තමන්ට පෞද්ගලිකව භාවිතා කරන්න. එතකොට එක එක රටේ communicate කරන්න භාවිතා කරන ක්රමය වෙනස්. ඒක හරියට අපේ රටේ දකුණෙන් පදවන වාහන පාරෙ වම් පැත්තෙන් ගියාට ඇමරිකාවෙ වමෙන් පදවන වාහන පාරෙ දකුණු පැත්තෙන් යනව වගේ. එතකොට අපේ රටේ වාහන ඇමරිකාවෙ drive කරන්න බෑ. ඒ වගේ mobile communication වල පළවෙනි පරම්පරාවෙදි ( 1st generation ) රටකින් රටකට phone අරන් ගියාට වැඩ කරන්නෙ නෑ standard වෙනස් නිසා
1st generation එකේදි භාවිතා වුනේ analogue ( ප්රතිසම ) ක්රමයක්. ඒ නිසා සුරක්ශිතතාව අඩු ගැටලුවක් ආව. කොටින්ම වෙන කෙනෙක්ගෙ call එකක් අපිට අහන් ඉන්න පුලුවන්. Voice quality එක අඩුයි. එකපාර මේ network එක භාවිතා කරන්න පුලුවන්කම තිබ්බෙ සීමිත පිරිසකට. Internet නෑ SMS නෑ.
1991 විතර ඉඳන් service providers ල එකතු වෙලා හැම රටකටම එකම standard එකක් හඳුන්වල දෙන්න තීරණය කලා. 2nd generation ( 2G ) ආවෙ එහෙම. GSM සහ CDMA කියන්නෙ මේකෙදි භාවිතා වුන ප්රධාන standard දෙක. මේක analogue නෙවෙයි digital ( සංඛ්යාංකමය ) ක්රමයක්. ඒ නිසා ග්රාහකයන් අතර හුවමාරු වන තොරතුරු මැදින් පැනල වෙන කෙනෙකුට අහන් ඉන්න බෑ encrypt කරල යවන්නෙ. Voice quality වැඩියි. රටින් රටට යන්න පුලුවන් phone එක අරන්. ඒ කියන්නෙ roaming පහසුකම ආව. SMS, GPS, Internet ආවෙත් 2G එක්ක. වේගය 10kbps විතර. ( කිලෝබයිට් නෙවෙයි කිලෝබිට් )
මේ Internet වේගෙ මිනිස්සුන්ට මදි වුනා. ඒත් 2G network එකේ වෙන කිසිම අවුලක් තිබ්බෙ නෑ. 2G වලින් 3G වලට ( නැත්තම් වෙනමම standard එකකට ) මාරු වෙන්න තරම් මේක ලොකු අවශ්යතාවයක් නොවෙන නිසා සේවා සැපයුම්කරුවො 2G සහ 3G අතර 1995 අවුරුද්දෙදි විතර 2.5G ( GPRS ) වලට upgrade වුනා. වේගය 160kbps විතර. ඊලඟට 2.75G ( EDGE ) ආව. වේගය 220kbps විතර.
ඊලඟට 3G ( 3rd generation ) ආව. මේකෙදි භාවිතා වුනේ WCDMA කියන standard එක. වේගය 390kbps විතර. කලින් වගේම මේකෙත් 4G වලට යන්න කලින් 3.5G ( HSPA ) සහ 3.75G ( HSPA+ ) කියල දෙකක් ආව. වේගය 1mbps සහ 20mbps විතර ( මෙගාබයිට් නෙවෙයි මෙගාබිට් ). ලොකු (heavy) වෙබ් අඩවි mobile phone එකෙන් බලන්න සහ video chat කරන්න අවස්ථාව ලැබුන මේ නිසා.
ඊලඟට ආව 4G LTE. මේක අමුතු standard එකක් නෙවෙයි අපි කලින් භාවිතා කරපු 3G වල ම (L)ong (T)erm (E)volution එක. වේගය 100mbps විතර. මේකෙදි තත්පරයකට හුවමාරු කරන්න පුලුවන් තොරතුරු ප්රමාණය සෑහෙන්න වැඩි නිසා online gaming සහ HD voice කියන දේවල් එකතු වුනා. ඉදිරි අනාගතයෙදි එන 5G වලින් අපට තත්පරයකට 1gbps තරම් දත්ත ප්රමානයක් එහා මෙහා යවන්න පුලුවන් වෙයි කියලයි කියන්නෙ.
මේ වගේ තවත් දේවල් දැනගන්න, page එකට like එකක් දාන්න අමතක කරන්න එපා
අනිත් අයටත් කියවන්න share එකකුත් දාන්න
උපුටාගැනීම.. රවිඳු බණ්ඩාරනායක
