-->

Sunday, May 5, 2019

මුතුරාජවෙල ගොඩකිරීම නැවතත් ඇරබේ. හැමිල්ටන් ඇල විනාශයි.










මුතුරාජවෙල ගොඩකිරීම නැවත ඇරබේ. හැමිල්ටන් ඇල විනාශයි.                    ජනතාවගේ  විරෝදය හා අධිකරණ තීන්දුව මත රජයේ බලදාරීන්ට නවතා දැමීමට සිදුවූ මුතුරාජවෙල අබය භූමිය කොළඹ කුණු වලින් ගොඩ කිරීම නැවතත් ආරමබ කර ඇත. කොළඹ කුණු මුතුරාජවෙලට  දැමීම නිසා ප්‍රදේශයේ විශාල ජනතා විරෝදයක් එල්ල විය. පසුව රජය ආරක්ෂක අංශ යොදවා ප්‍රදේශ වාසීන්ට පහර දී කුණු දැමීම දිගටම කල අතර විරෝදතා කරැවන් ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වුනි. මිනිසුන්ට ආරක්ෂක අංශ යොදවා පහර දීමෙන් මිනිසුන් රෝහල් ගත කෙරැනි.         ආගමික නායකයන් හා මුතුරාජවෙල අභය භූමිය සුරකීමේ සංවිදානය එක්ව කුණු දැමීමට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකල අතර අධිකරණය විසින් කුණු දැමීම නවත දමන ලෙස නියෝග කරන ලදී. පසුව රජයේ බලදාරීන් විසින් එම සථානයේ කුණු දැමීම නවතා වෙනත් ප්‍රදේශයකින් කුනු දැමීම ආරම්භ කල අතර පැන නැගුණු ජනතා විරෝදතාවය නිසා ජනපතිගේ නියෝගයෙන් කුණු දැමීම නවතා දමන ලදී. මුතුරාජවෙල ගොඩ කිරීම් නැවතීම සදහා STF ආරක්ෂක මුර පොලක් පිහිට විය.                                                           එහෙත් කොළඹ කුණු මුතුරාජවෙලට ගෙන ඒම දිගටම සිදු විය. කුණු ප්‍රතිශක්තීය කිරීමට කියා අධි ආරක්ෂිත කලාපයක් වන කෙරවලපිටිය කාර්මික ප්‍රදේශයට කුණු ගෙනෙන අතර කුණු ප්‍රතිශක්තීකරණය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම සදහා ජනපති විසින් මුල් ගල් තැබූවද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුනි.අධිආරක්ෂක කලාපය නිසා කුණු ගෙන ඒමට එරෙහිව ජනතාවට නැගීසිටීමට නොහැක වුනි.දිගටම කොළඹ කුණු මුතුරාජවෙලට ගෙන එන ලදී. එම කුණු මුතුරාජවෙල භූමියේ වැලලීම් කලහ. එම කුණු වල වතුර හා කුණු සෝදාගෙන අපවිත්‍රජලය හැමිල්ටන් ඇලට එකතුවිය.කුණු අපද්‍රව්‍ය ඇලට එකතුවිය.ජනතා විරොදය පැන නැගුනි ..              ලංකාවට එල්ලවුනු  ත්‍රස්තවාදී පාස්කු ඉරිදා ප්‍රහාර නිසා රට අස්තාවරවූ අතර මුලු රටේම හදිසි නීතිය පනවන ලදී. ජනතාවට ආගමික ස්ථාන වලට යාමට හා ජනතාව එක්රැස් වීම් තහනම් කල අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කුණු වලින් මුතුරාජවෙල ගොඩ කිරීම හොරෙන්ම පාලකයන් විසින් ආරම්භ කලහ.මුතුරාජවෙල වගුරැබිමට කුණු දැමීම ජයටම කෙරේ. එම කුණු නිසා එම කුණු සේදී කුණු වතුර හා අපද්‍රව්‍ය විශාල වශයෙන් හැමිල්ටන් ඇලට එකතු වී ඇත.මුතුරාජවෙල හැමිල්ටන් ඇල සම්බන්ද වීම සදහා ඇනිකට් 13 ක් ඉදිකර තිබූ අතර එමගින් කුණු අපද්‍රව්‍ය ඇලට එකතු විය.                                                    දැන් මුලු හැමිල්ටන් ඇලම කලුම කලු පාටය.මුලු ඇලම කුණුම කුණු ගදයි. මාලු හා ජලජ ජීවීන් ඇලේ වතුර විස වීමෙන් මිය ගොසිනි.ප්‍රදේශය පුරා අධික දුගදක් ඇත. ඇල ආශ්‍රිත  සුවසන අපහසු තා වලට පත් වී ඇත.ලෙඩ රෝග පැවත යමින් පවතී. මුතුරාජවෙල හා මුලු හැමිල්ටන්  ඇලම විනාශ වෙමින් පවතී. මීට ප්‍රතම වසර ගනනාවකට ප්‍රථම මුහුදෙන් මුතුරාජ වෙලට වැලි පොම්ප කිරීම නිසා ඇල දූශනයට ලක්වුනි.  . දැන් ඇතිවී ඇති තත්වයට පරිසර සංවිදාන ප්‍රදේශයේ ධීවර සංවිදාන වලට පවතින ආරක්ෂක තත්වය මතකිසිවක් කරගත නොහැකිව අසරණ භාවයට පත් වී ඇත.ප්‍රදෙශ වාසීන් අසරනය. පාලකයන් විසින් අත්තෝමතික ලෙස මුතුරාජවෙලට කුණු දමමින් මුතුරාජවෙල අභය භූමිය හා හැමිල්ටන් ඇල විනාශකරමින් ඇත...

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com