-->

Thursday, May 28, 2020

සමහර මිනිස්සු ඉන්නවා කරන හැම වැරැද්දටම සමාව දෙනවා...
සමහර මිනිස්සු ඉන්නවා
කරන හැම වැරැද්දටම
සමාව දෙනවා...
සමහර මිනිස්සු ඉන්නවා
සමාව දෙන හැම වතාවකම
ඒකම ආයුදයක් කරන්
එකම වැරැද්ද ආයේ
ආයේමත් කරනවා...
ආදරේ හිතේ පිරුන
මිනිස්සු...
ආදරේට ඇබ්බැහි උන
මිනිස්සු
ඒ ආදරේ වෙනුවෙන්
එකම වැරැද්ද සිය පාරක්
කලත් එක සිය
පාරක් හරි සමාව දෙනවා...
ඒක උන්ගේ මෝඩකම
නෙවෙයි...
අවංකව ආදරේ කරපු
එකෙක්ට කවදාවත් බෑ
උන්ගේ හිතෙන් ඒ ආදරේ
ගලවලා දාන්න...
ඒක නිසාම උන්
මොන තරම් වරදක් කලත්
ඒ වරද මොනතරම්
හිත රිද්දුවත්
බැදීමෙන් මිදෙන්න නම්
මොහොතකටවත් හිතන්නෑ...
උබටත් ඇති උබ
මොන වරදක් කලත්
උබට සමාව දෙන එකෙක්..
ආයේ එහෙම කරන්
එපා කිය කිය උබේ
ලග කදුලු පෙරාගෙන
වැද වැටෙන එකෙක්...
උබේ වැරදි වලට
දඩුවම් විදින එකෙක්...
උබ හිනාවෙද්දි ඒ හිනාව
වෙනුවෙන් හැමදේම
දරාගෙන නිහඩවම විදගත්තු
එකෙක්...
උබට බයක් නැතුව ඇති...
උබට ආදරේ කරන උන්
කවදාවත් උබව අතාරින්නෙ
නෑ කියලා උබ දන්නවත් ඇති...
උබ වටේම ගිහින්
මොන වැරැද්දක් කරලා ආවත්
උන් උබව හරි ආදරෙන්
බාරගන්නවා කියලත්
දන්නවා ඇති...
ඒත් උබ දන්නවද
අවංක වෙන එක තරම්
සතුටක්,
ආත්ම පෘප්තියක් ලැබෙන
දෙයක් තවත් නෑ...
එක හිතකට ආදරේ කරලා
බලපන්..
එක හිතකට ලං වෙලා
පපුවේ තියාගෙන
පරිස්සම් කරලා බලපන්...
එකෙක් වෙනුවෙන් තමන්ගේ
ජීවීතේ ඉඩ
හදලා බලපන්...
ඒ හැගීමම මොනතරම්
සතුටක්ද කියලා දැනෙයි...
උන්ගෙ මූනේ ඇදෙන එක
හිනාවක්...
උන්ගේ ජීවීතේ ලබන
එක පුන්චි ජයග්රහනයක්
උබට කියලා දෙයි
සතුට කියන්නෙ මොකක්ද කියලා...
සමහර හැගීම්
විස්තර කරන්න හරි
අමාරුයි...
වචන නෑ...
තව එකෙක්ට සතුටක් දීලා
උන් හිනාවෙනකොට
ඒ හිනාව ලග දැනෙන
හැගීමත් ඒ වගේ...
විදලම බලපන්..
අවංක කම ඒ තරම්ම
ලස්සනයි

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com