-->

Friday, June 5, 2020

වර්ණභේදය
වර්ණභේදය

ලෝකෙ තිබුන ලොකුම පිළිලයක් මෙසේ අවසන් වුනා.
පොලිස් අත්අඩංගුවට ගත් කලු ජාතිකයෙක් මිය යාමත් සමඟ එම රටේ සියලුම සුදු කලු ජනතාව එකා මෙන් නැඟි සිටියා.
ඔවුන් එක හඬින් පැවසුවා කලු ජාතිකයින්ට සිදු කරන අසාධාරණකම් නවත්තන්න වගේම මේ සිදුවීමටත් සාධාරණයක් ඉටු කරන්න කියලා. නමුත් එය සටනක් දක්වාම දුර ගියා. ජනතාවත් පොලිසියට එරෙහිව කරට කර සටන් කලා. මුළු ලෝකයම මේ සිදුවීම දිහා අවධානයෙන් බලන් හිටියා.
එහි ප්රතිපලයක් විදිහට,
සියළුම පොලිස් නිලධාරීන් ජනතාව ඉදිරියේ දණගසා සමාව ගත්තා. ඒ වගේම අනාගතයේදිත් කලු ජාතිකයන්ට අසාධාරණකමක් සිදු නොවෙන්න වග බලාගන්නා බවට කටයුතු කරනවා යැයි පැවසුවා.
ඒ වගේම අවසානයේ,
විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් එකිනෙකා ඉතාමත් සුහදශීලිව වැළඳගත්තා, පොලිස් නිළධාරීන් විරෝධතාකරුවන් ඔසවා ගෙන සිටි වදන් සහිත බෝඩ් සමඟ සෙල්ෆි ඡායාරූප ගත්තා.
මුළු ලෝකයම මේ ගැන සතුටු වුනා, මීට තප්පර ගානකට කලින් ෆේස්බුක් නිල පිටුවෙහි ඇති ලාංජනය කලු පාටින් සැරසුවා. මාර්ක් සකර්බර්ග් ඇතුලු සුප්රසිද්ධ පුද්ගලයින් අන්තර්ජාලය තුල මේ ගැන විවිධාකාරයේ සටහන් තැබුවා.
ඔවුන් හැමදෙනාම එකට එකතු වී සිනහ වුනා.
ඒ_අනාගතයටත්_එක්කම

මෙම සටහන තැබිය යුතු වන්නේ ජුනි පළමුවනදාය

BLACK LIVES MATTER



☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com