ඇත්තටම කවුද මේ වනජීවීයේ විජේකෝන්......
ඇත්තටම කවුද මේ වනජීවීයේ විජේකෝන්......
විමරවිර කියන හරකා අහනවා,ඇයි තමුසේ ලොකු ටොක් දෙන්නේ....ලොක්කෙක් ද කියලා.....
දන්නේ නැති නිසා මේ ටික ලියන්නේ.විමලවිර කියන හරකාට දැන ගන්න.
කුමාරසිරි විජේකෝන් වනජීවීයට බැදෙන්නේ 2000 වර්ෂයේ දී.ඒ වනජීවී නියාමකයෙක් ලෙස.වසර 20කට පසු ඔහු අද තුන්වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂකයෙක්.තවමත් තියෙන්නේ පොඩි පඩියක්.
ඔයාට වගේ ලක්ස ගණන් පඩියක් නෑ.යාන- වාහන නෑ.අතට පයට සේවකයෝ නෑ.විජේකෝන්ට.එයාගේ සහ ඔයාගේ එකම සමානකම තමයි දෙන්නාටම මේ වියදම් දෙන්නේ අපේ බඳු මුදල්වලින් වීම.
වෙනස තමයි එක් කෙනෙක් ඉතාම අඩු මුදලක් අරගෙන ඒ මුදලටත් වඩා විශාල සේවාවක් රටට කිරීම.අනෙකා ඒ ආකාරයටම ලක්ස ගණනක් අරන් දුෂිතයන් එක්ක ගේම් ගැසීම.
කොහොම වුනත් මේ ටිකත් කියන්නම්.විජේකෝන් ජල ගැලුම් නිම්නයේ අනවසර පදිංචිකරැවන් ඉන්න ගම් පිටින් නඩු කියලා ඉවත් කළ අයෙක්.එක ගමක පවුල් 51ක් හිටියා.විජේකෝන් 51කම ඉවත් කළා.ඒ ජල ගැලුම් නිම්නේ.
ඒ වගේම තමයි වෙහෙරගොඩයායේ අනවසර වගාකරැවන් 219ටම නඩු දැම්මේ විජේකෝන්.ඒ නඩුත් දින්නා.
2005 වර්ෂයේ දී පොළොන්නරැවේම ඉන්න කොට ඒ වනජීවී බීට්ටුවට මැර ප්‍රහාරයක් එල්ල වුණා.අප දන්න පරිදි ප්‍රහාරය පිටුපස හිටියේ මැණික් මුදලාලිලා වගයක්.
ඒ ප්‍රහාරයේදී එක් වනජීවී නිලධාරියෙක් ජීවීතය පුජා කළා.එච් ඒ ධනසිරි ඒ නිලධාරියාගේ නම.එතන හිටපු ඉතුරැ තුන් දෙනාත් තුවාල ලැබුවා.විජේකෝනුත් එතන හිටියා.විජේකෝන්ට පහර දුන් මැරයෝ ඔහුව ට්‍රැක්ටරයක පිටුපස නංව ගෙන පාරට ගෙනවා.ඔහු හිටියේ සිහිසුන්ව.කකුල් දෙකම කඩලා තිබුනේ.පස්සේ ඔවුන් ට්‍රැක්ටරයේ පිටුපස ඔසවා විජේකෝන්ව පාරට දැම්මා.ඉන් පසුව බස් රථයකට යට කරන්නයි හැදුවේ.
මාස හයක් ඔහු ඇදේ හිටියා.
අග්‍රහාර රක්ෂණයෙන් ඔහුට වන්දි වශයෙන් ලැබුනේ රැපියල් තුන් දහස් ගණනක් විතරයි.ඔහු ලියුම් දෙකකින්ම ඉල්ලුවා ඒ මුදල වනජීවී අරමුදලට බැර කරන්න කියලා.විජේකෝන් එහෙම කෙනෙක්.
ඇත්තටම මේ හරකාට වඩා වනජීවීයේ කුමාරසිරි විජේකෝන් ලොක්කෙක්.......
අපි රැක ගත යුතු උතුම් මිනිසෙක්.....