-->

Monday, May 10, 2021

මනඃකල්පිත කතාවක්😊

මනඃකල්පිත කතාවක්
ඉදිරියේ යන හේවිසි කණ්ඩායම බෙලිඅත්ත පාරේ සිට ජයසුමනාරාම විහාරස්ථානය ට ප්‍රවේශ වීම ත් සමග ආරොන් මුදලාලි පිරිවරාගත් පිරිස ද ඒ අනුව යමින් පංසල් භූමිය ට ඇතුළු විය .ඇතුළු වන ස්තානයේ ඉදිකල තොරණෙහි සද්ගුණවත් ආරොන් සිල්වා මුදලාලි පිලිගනිමු ලෙස සදහන් වී තිබුනි . තම ධන පරිත්‍යාගයෙන් ඉදිකල ධර්මශාලාව වෙත ලගාවෙද්දී මගුල් බෙරය සහ සක් හඩ මතුවෙන්නට පටන් ගත්තේ ය . නායක හාමුදුරුවන් ට දෙදන නමා නමස්කාර කර ආරොන් මුදලාලි වේදිකා වේ ඉදිරිපස වෙන්කල ආසනයේ හිදගත්තේය .තමා හිදගත්තැන හොද බව වැටහුණේ ගතරැදි පවස නිවමින් ආ සුලං රොද නිසාය . ඉදිරියේ ඇති ඇන්නපිටිය වැව සිසාරමින් පැමිණි සුලග පැමිණි පිරිස ගේ ගිමන් නිවීම සිය කාරිය කරගත් බව දැනුනි. කුඩා ළමයෙකු වැව අයිනේ තිබූ ලිදකින් වතුර කළයක් කරතියාගෙන යන විදිය ආරොන් මුදලාලි ට මැවී පෙනුනේ ය එදා දවසින් වැඩි කාලයක් ඇන්නපිටිය වැව ලග සිට මෝදර අද්දර පිහිටි නිවස වෙත වතුර ගෙන යාම තාත්තා විසින් පැවරූ කාර්‍ය්ය ක් විය .පසුව මල්ලි ලාගේ කරදඩු උස් වන විට එම කාර්‍ය්ය ඔවුන්ට පවරා තාත්තා ගේ බල ඔරුවේ කටයුතු පැවරීම සේවයේ උසස් වීමක් ලෙස ඔහුට දැනුනි.
ශබ්ද විකාශය යන්ත්‍ර යේ පන්සිල් දීම අවසන් වූ බව දැනුන හෙයින් නැවත හරි බරි ගැසී ඉදගත්තේ සුපුරුදු ගුණගායනාව ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු ව ඇතිව ය . උත්සව සභාව මෙහෙය වූ තරුණයා දුටු ආරොන් මුදලාලි ට හුරුපුරුදු ගතිය ක් දැනෙන්නට විය .කමිසයේ උරහිසේ බොත්තම් පියවූ ජාතික ඇදුමින් සැරසුණු ඔහු හිසකෙස් හිසට හොදින් ඇලෙනසේ පීරා තලෙළු පැහැයෙන් හෙබි ප්‍රිය මනාප සිනාව කට සහ කතා වකට හිමිකම් කියූවෙකි.
"මේ ඉලංදාරියා කවුද " ලගම සිටි වඩුමඩුවේ සිරිසේන ගෙන් විමසීය .ඔහු තංගල්ල රාහුල විදුහලේ ගුරුවරයකු බව දැනුවත් වූ අතර තම සමකාලීනයකු වූ සිරිසේන ද එම විදුහලේ ම ගුරුවරයෙක් බව දැනුවත් විය .තමාමේ තංගල්ල ට පැමිණ ඇත්තේ අවුරුදු විසිපහකට පසුව බව ද සිහිවිය. ගෝනාපීනුවල සෝරත නායක හාමුදුරුවන් ගේ කතා ව ආරම්භ විය ඒ සමග ම ආරොන් මුදලාලි කල්පනා ව ට බරවිය.
උදේ එලිය වැටෙන්න කලියෙන් පෙරදා කාපූ බීපු වා වල බර සැහැල්ලු කරගැනීම ට වැල්ලට යන පිරිස අතරට ඔහු ද එක් විය .ඔහු ඒ කටයුත්ත සදහා මෝදර බහින කිට්ටුව ම තැනක් තෝගන්නේ බහින මෝදර දෙස බලාගෙන ඒ කටයුත්ත කිරීමේ ආස්වාදය දන්නා හෙයිනි .කොලපු අගුරේ දැලි යනතුරු දිව මැදීමෙන් උදෑසන පිලිවෙත් හමාර කර ආරොන් ඊලඟ ට යන්නේ තම මිතුරා වූ පියසේන ගේ ආප්ප කඩයට ය .පියසේන ගේ අම්මා වන පුංචි නෝනේ නැන්දා ගෙන් ණයට ආප්පයක් කා කහට එකක් බීම ඊලඟ කටයුත්ත විය . ඒක හමාර වන විට බලඔරු වෙරළ ට එන වෙලාව හරි ය . ඔරුව ගොඩට ඇදීමට තාත්තා ට සහය වන ආරොන් මුලින්ම බලයෙකු හෝ කෙලවල්ලකු ගෙදර ට ගෙනිහිං දී නැවත එක හුස්මට වැල්ලට ආ යුතුය නැත්නං තාත්තා ගෙන් අම්මා ට බැනුම් අහන්න වෙනවා ය . සෙනග ඉදිරිපිට බැනුම් අහන්න ලැජ්ජාව නිසා හනිකට තාත්තා ට සහය වීමට යාමේ පුරුද්ද ඇති විය . හම්බන්තොට සිට තංගල්ල උසාවිය දක්වා දිවෙන කරත්ත පාර වැල්ල අයිනෙන් තානායම පසු කොට උස් කදුගැටයක පිහිටි උසාවිය ට ද එයිනුත් එහා පිහිටි හිරගෙදර දක්වා විහිදේ පාරේ මූහුදු වෙරළේ මායිමේ මාළු වෙළෙඳ පොලක් සහ මස් කඩේ පිහිටා තිබුනි .කඩෙන් මිලදී මස් කෑම එදා තංගල්ල නගරයේ සිටි ලංසි පෙරකදෝරුවන් සහ දොස්තර මහත්වරු ,,පොලිසියේ මහත්වරුන් සිදු කලත් සෙසු ගම්වාසීන් ට එයට හැකියාව නොමැති විය ඒ නිසා ම ඔවුන් අලුත් මාළු වලින් ම පිරිමැහුනේය. සා.....දු හඩින් කල්පනාවෙන් මිදුණු ආරොන් මුදලාලි නැවත හරි බරි ගැසුනේ
සෝරත හාමුදුරුවන් ගේ දේශනය අවසන් වී වැවහමන්දූවේ නායක හාමුදුරුවන් ගේ දේශනය ට සවන් දීමට ය . හරක් මස් ගෙදර ට වැද්දගැනීම පවක් ලෙස ද එදා සිංහල බෞද්ධ අපි සැම ගේ මතය විය . පාරෙන් එහා පැත්තෙ රෙදි පිලි වෙලදසල පවත්වාගෙන ගිය බුෂි නානා ගේ මස්සිනා විසින් හරක් මස් කඩේ පවත්වාගෙන යන ලදී හරක් මැරීමට පල්ලික්කුඩාවේ තුඩුවේ පැවති ගව ඝාතකාගාරය යොදා ගන්නා ලදී .තාත්තා විසින් හොදම බලයන් හෝ කෙලවල්ලන් කූඩ කදට දැමූ පසු ආරොන් ගේ රාජකාරිය වූයේ අතපත්තු වලව්ව ට ,වික්‍රමනායක වලව්ව ට සහ පොලිය‍ර් බංගලාව ට ගොස් ඒ මාළු කපා සුද්ධ කරදීම යි . ග්‍රේස් ලේන් එකේ පිහිටි අතපත්තු වලව්ව සහ වික්‍රමනායක වලව්ව එක ලග පිහිටි අතර පොලිය‍ර් බංගලාව පාර කෙලවර හරස්පාරේ පිහිටා තිබුනි .මුලින්ම ආරොන් පොලිය‍ර් බංගලාව ට ද වික්‍රමනායක වලව්ව ට ද යන අතර අතපත්තු බංගලාව ට යන්නේ අන්තිම ට ය .ඒ එවකට ඇමැති තුමෙකු වූ අතපත්තු මහතා ගේ බංගලාවෙන් කෑම බීම ලැබෙන නිසා ම නොවේ හී නෝනා ගේ ආදර සත්කාරය ආරොන් ගේ දවස චමත්කායෙන් පුබුදුවාලීමට සමත් වීමයි .හීන් නෝනා පිළිබඳ අතීතය නිසාම තම ජීවිතය උඩුයටිකුරු වූ බව ආරොන් පමණක් දන්නා රහසකි හීංනෝනා දැන් කොහේ ඇත්ද ? 
නැවතත් අර ප්‍රියමනාප තරුණයා සභාවේ කටයුතු හමාර කරමින් ස්තුති කතාව පවතිද්දී නීතිඥ සිල්වා මහතා දිවා ආහාරයට ආරොන් මුදලාලි ට ආරාධනා කලේය ." කොන්නට් කන්ද " මුදුනට වෙන්න ට සාදා තිබූ නව නිවහන ඉතා දැකුම්කළු විය .මේ වන විට තංගල්ල උසාවියේ සිටින දක්ෂතම නීතිඥ තුමා සිල්වා මහතා බව ද ආරොන් මුදලාලි දැනුවත් වී තිබුනි . සිල්වා මහතා ගේ නිවසට ඉදිරියේ කොලඹ සිට වැල්ලවාය දක්වා මාර්ගය දැන් ඉදිවී තිබුනි එදා වැල්ල අද්දරින් උසාවිය දක්වා තිබූ මාර්ගය දැන් අතුරු පාරක් බවට පතිවී ඇත ආරොන් ගිය වැල්ල අද්දර ඉස්කෝලෙ දැං බාලිකා පාසලක් වී ඇත මේ සියලු වෙනස් කම් අසමින් ආරොන් මුදලාලි සිල්වා මහතා සමග අයිස් දැමූ විස්කි වීදුරුවක් තොලගාමින් සිටියදී නැවත හීන්නෝනා ගේ ඒ හීන් හිරියා රූසපුව සිහිවී ඇග හිරිගඩු පිපී ගියේය . අතපත්තු වලව්වේ ඉඩමට මායිමේ පිහිටි සිය හිතමිතුරු ගුණදාස ගේ වත්තේ කෙලවර ගොරකා ගස් හෙවනේ හීංනෝනා ගේ රූසපුව විදිඅයුරු සිතුවම් මවද්දී නපුරු මුරකරු බන්ඩාගේ තුවක්කු බදෙන් දුන් පහර දැනී දැනෙන බව නිසා ආරොන් මුදලාලි ට පිටකොන්ද අත ගෑවුනේය. එදා සමකාලීනයකු වූ කරුණා දාස සමගින් අර පංසලේ දුටු තරුණයා පැමිණි අතර එම තරුණයා සිල්වා මහතා සමග කතා කරද්දී කරුණාදාස ආරොන් මුදලාලි ලගට පැමිණි මධුවිතෙන් සප්පායම් වීම ඇරඹුවේ ය .කරුණාදාස එදාසිටම තරමක ඕපාදූප යේ යෙදුණු අයෙකු වූ බැවින් ආරොන් තුළ කැකෑරෙන කුතුහලය ඔහු වෙත මුදාහැරීය. "ඔය අතපත්තු පරපුරේ තමයි " ආරොන් මුදලාලි උඩගොස් බිම වැටුනි "ඒක වෙන්න බැරි වැඩක්" ආරොන් මුදලාලි කීවේ සහසුද්දෙන් දන්නා නිසාය දේශපාලන යෙන් සිල්වා මහත්තයා ශ්‍රීලංකාය අතපත්තු මහත්තයා ලා යූ ඇන් පී බලකණුය අනෙක අතපත්තු පරපුර පලාතේ කුළවතුන්‍ ය බළවතුන් ය සිල්වා මහත්තයා අපේ අයයි ඉතිං කොහොම ද ඒක වෙන්නෙ ."කෝ ඉතිං ඉවර නෑ නේ කියලා " කරුණාදාස විස්කි බෝතලය යටිකුරු කරමින් පැවසීය අතපත්තු බංගලාව වැඩකරපු ගෑනියෙක් ගේ ළමයෙක් දැං ඉස්කෝලෙ මහත්තයෙක් . ගොඩැල්ලේවෙල පැත්තෙ ඉන්නෙ අතපත්තු ලා එක්ක දබරයි". ආරොන් මුදලාලි ගේ ඔලුව හිරිවැටුනා සේ දැනුනි විස්කි මත නිසා බර ගතියක් ද දැනුනි දැනට රුසියාවේ අද්‍යාපනය ලබන සිය වැඩිමහල් පුතා ඉදිරියේ මැවී පෙනුනි ඒ හිනාව කතා ව ඔහු හුනසුනේ සිට ම තරුණයා ට අතවැනීය ඔහු ලගටම ආවේය .සුපුරුදු සුවදක් දැනුනි හදවත් ස්නේහයෙන් බරවෙනු දැනුනද එය වළකාලමින් "පුතා ඔයා නම "අමරදාස" හොදයි එතකොට ඔයා ගේ තාත්තා කවුද " ඇසීය "තාත්තා ගේ නම නං මුදලාලි උපාරිස් කවුරුන් කියන්නේ බන්ඩා කියලා අතපත්තු බංගලාවේ වැඩකලේ දැන් කුලීකාර් එකක් වැඩකරන වා " එතකොට පුතා අම්මා " අම්මා හීංනෝනා ඒත් අතපත්තු බංගලාවේ වැඩ කලේ මුදලාලි " තදින් අත මිරිකා අල්ලා ගත් ආරොන් මුදලාලි තරුණයා ගේ හිස සිම්බේ ධාරක ප්‍රේමය උතුරායමිනි



☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com