ඒක පාර්ශ්වික ආදරය♥️
ඒක පාර්ශ්වික ආදරය♥️
හිමි වෙයිද නැත්නම් අහිමි වෙයිද නොදෙන රහසේ සගවගෙන ඔහු හෝ ඇය වත් නොදෙන හිතේ මුළු ඉඩම වෙන් කරපු අහිංසක හැඟීමක්
මිනිස්සු හිතයි
🌼ඇයි මෙහෙම ආදරේ කරන්නේ
🌼තනියම ආදරේ කරද්දී මොකද්ද තේරුම
🌼කෙලින් අහන්නේ නැති නම් ඔව් වැඩක් නෑ ඔය බොරු කරනවා ඇත්තේ
🌼අපොයි මම නම් ඔහොම ආදරේ
කරන්නේ නෑ
මොන විදියේ කතා කිව්වත් ඔබ නැවතී මේ සිතුවිල්ලේ මෙහෙම හිතලා තියේද
කුමක් හෝ හේතුවක් මත හෝ කියාගත නොහැකි කුමක් හෝ ගෙතුණු බාධාවක් මත මුව අදටත් ගොළු වුවත් ඒ ආදරේ කෙතරම් සුන්දර තැන් ඇති ද කියලා
මන්ද අප්‍රකාශිත ආදර කතාවක
පෙම් වදනක් නැත
ආදරණීය වැලඳගැනීම් හෝ එක් සිප ගැනීමක් නැත
ආදරය සදහා වෙන් වුණු විශේෂ දින එක් වූ දින කැලැන්ඩර නැත
නමුත් ආදරය පමණක්ම පිරුණු හදවතක් ඇත .♥️🥺