-->

Tuesday, July 6, 2021

හැඳිමිටේ තරම්වත් ඇති මොළය භාවිතා කිරීමට හෝ වගබලාගන්න

Social Media නිළියන් වෙතටයි!
මේක කියවල පලයන් . රැල්ලට පුම්ක දෙන්න යන්න එපා කෙල්ලනේ 🖐

ගෙදර අම්ම අප්ප රවට්ටලා අවුරැදු 14-15 වෙද්දී ගන්නවා smart phone එකක්.ඊටපස්සෙ උබ දාගන්න තියන සේරම social media apps install කරලා ලස්සන නමකුත් එක්ක හදාගන්නවා account එකක්.පොඩ්ඩක් ලස්සන photo එකක් ගහල දැම්මට පස්සේ එන like comments වලට උබ කෑදර වෙනවා.react 500-600 එද්දී උබට හිතෙනවා නංගියේ උබ celebrity කෙනෙක් කියල.

ඔහොම යද්දී ඔන්න දැන් කට්ටිය Message කරනව.කොල්ලො හායි හූයි ගානව.දැං ඔන්න තවත් ටිකක් ඔළුව ඉදිමෙනවා.හිතෙනව පොඩ්ඩක් hot වෙන්න ඕන කියල.දවසට photo දෙක තුන upload කරන්න ගන්නව.

ඉටපස්සෙ ඔන්න posh වෙන්න උත්සාහ කරනවා social media වල.දවල්⁣ට කන්නෙ අම්ම හදපු පොල් සම්බෝලයි බතුයි.ඒත් කතාව තාත්තා five star hotel owner කෙනෙක්ගෙ වගේ.අම්මට මිදුල අතුගාල දෙන්නෑ.හැබැයි social media වල තමන්ගෙ ජීවිතේ උත්තම පුද්ගලයා අම්මා.😹 කාවද රවට්ටන්නෙ?

කොහෙන්හරි උස්සපු english caption එකක් එක්ක ඔන්න දානව ඇඟේ කෑලි ටිකක් පේන්න photo.
අම්මටහුඩු ඔන්න ඉතිං photo වලට react 1k ලංවෙනව.
දැං හිතෙනව නිළියක්ම තමා කියල.

ඕක දැකපු කාම ප්‍රේතයො ටික ඔන්න ලස්සනට inbox එනවා.පණ දෙන්න ඉඳලා උබට නොදැනෙන්න shot එක දෙනවා.කිසිම දෙයක් නොතේරෙන උබ අහුවෙනවා.

එහෙම නැත්තං එඩිට් කරල දානව ගගා බයකරනවා.

අන්තිමට උබට නොදැනෙන්නම යනව නිව්ස් එකක් එකපාර.

"මෙන්න අහවල් එකීගෙ ලීක් වෙලා"

උබට කරගන්න දෙයක් නෑ.දුක් මහන්සියෙන් අම්ම හම්බකරපු සල්ලි වලින් අරන්දුන්නු phone එකක් නිසා උබ ජීවිතේ අදුරැ කරගත්තා.ඊටපස්සෙ ගෙදර තියන බාල්කෙක එල්ලිලා හරි
උබ ප්‍රශ්නෙ ඉවරයි කියල මැරිල යනවා.උබව හදපු දෙමව්පියො ජීවෙත්වෙනකල්ම උබ ගැන හිතල වද වෙනවා!ඒ මිනිස්සු අපහාස විඳිනවා

වඳුරන්ට දැලි පිහිය අහුවුණා වගේ හැසිරෙන photo දාල celebrity ල වෙන්න උත්සාහ කරන පොඩි නංගිල උබලගෙ list වලත් ඇති.උබලගෙ මොලේ පොඩිඋනාට මේ ලෝකෙ ලොකුයි කියලත් මතකතියාගනිල්ලා.

මේ වගේ දේකට උබත් අහුවෙලානං අම්ම තාත්ත දැනුවත් කරපං.එහෙම නැත්තං උබේම සහෝදර සහෝදරියො ඇරෙන්න වෙන කාවවත් විශ්වාස කරන්නෙපා.දැනටමත් කාවහරි ඔයාව blackmail කරන්න උත්සාහ කරනවනං. CERT එකට දැනුවත් කරන්න පුළුවන්.
හැඳිමිටේ තරම්වත් ඇති මොළය භාවිතා කිරීමට හෝ වගබලාගන්න


☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com